මහ කන්නයේ වි ගොවින්ට රු.බි. 13.5ක් පොහොර සහනාධාරය ලෙස දුන්නා
රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙවර (2025/2026) මහ කන්නයේ වි වගාකළ ගොවින් 937,897 දෙනෙකු සදහා පොහොර සහනාධාර මුදල් ලෙස රුපියල් එක්දහස්තුන්සිය පනස්නමකෝටි, විසිදෙලක්ෂ,අනුහත්දහස්හයසියපනස් එකයි ශත පනහක මුදලක් (13,592,297,651.50) ම ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බැව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් වර්ෂයේ (2025) දෙසැම්බර් මස 31 දින වනවිට මෙම මුදල ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට තිබුණි. ගොවින් විසින් වගාකරණු ලැබු කුඹුරු හෙක්ටයාර් 676,580.24 සදහා මෙම මුදල ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
මිට අමතරව දිට්වා සුලි කුණාටුව නිසා හානි වූ, වී වගාව සිදු කරන ලද කුඹුරු ඉඩම් හා 2025/26 මහ කන්නයේ දී නැවත වී වගා කල නොහැකි ලෙස විනාශයට පත් වූ කුඹුරු ඉඩම් වෙනුවෙන් රුපියල් මිලියන 7,500.75 ක මුදලක් ගොවින් 96,859 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇති බවද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. හානියට පත් කුඹුරු හෙක්ටයාර් පනස්දහසක් (50,000) සදහා මේවනවිට මෙම වන්දි මුදල් ගොවින්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
