මහේස්ත්රාත් නිල නිවසට පැන්න අයෙක් මාට්ටූ
පානදුර ප්රධාන මහේස්ත්රාත් නිල නිවසට ඊයේ (07දා) රාත්රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
සැකකරු ඊයේ (07දා) රාත්රි 7.00 ට පමණ වාද්දුව තල්පිටිය ප්රදේශයේ පිහිටි මහේස්ත්රාත් නිල නිවසේ ප්රධාන ගේට්ටුවට උඩින් පැන සැඟවීමට උත්සාහ දැරීමේදී නිල නිවසේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් විසින් අල්ලා වාද්දුව පොලිසියට භාරදි තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහු ඇතුළුවූයේ කුමන කරුණක් සදහාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි .
සැකකරු පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්ර කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය / වාද්දුව දයා හේමන්ත සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
