අනුරාධපුර මහේශාඛ්‍ය හස්තියාගේ මරණය සහ හස්තියා මරණාසන්න්නව සිටිය දී එම හස්තියාගේ දළ කපා ගැනීමේ සිද්ධිය හා වනජීවි නිලධාරින් ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විධිමත් විමර්ශණයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.
ඒ අනුව වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා දැනටමත් පොලිසියට මේ සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර නිල සුනඛයින් පවා යොදා ගනිමින් ඇත්දළ කපා ගත් පුද්ගලයා සොයා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරේ.
එමෙන්ම හස්තියා මරණයට පත් වන තෙක් වනජීවි නිලධාරින් ක්‍රියාත්මක නොවීම හා ඔවුන්ගෙන් රාජකාරිමය අතපසුවීමක් සිදු වී ඇත්ද යන්න සම්බන්ධවත් වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශණයක් සිදු කරන බව වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.