"ටොස් එක දින්නත් බැට් කරන්න එපා! බැට් කරන්න ඉන්දියාවට දෙන්න!"
ශ්රී ලංකා නායකයාට මහේල ලබා දුන් උපදෙස පිටුපස තිබෙන කතාව කුමක් විය හැකිද?
-"ක්රිකට් අවුල" පිළිබඳ විමල් පාර්ලිමේන්තුවේ දී ප්රශ්න කරයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයේදී "ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලට බැට් කරන්න දෙන්න!" කියා ශ්රී ලංකා ක්රිකට් නායකයාට ලබාදී තිබූ "ඉන්දියානු ක්රිකට් කණ්ඩායම පවා ඒ මොහොතේ පුදුමයට පත්කළ උපදෙස" පිළිබඳව ද එවැනි තීන්දු පිටුපස තිබෙන කතාව කෙරෙහි ද ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව රැකගත යුතු යැයි කියා සිතන සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේ දී මෙරට "ක්රිකට් අවුල" පිළිබඳව සුවිශේෂ අනාවරණයක් සිදු කරමින් ඒ මහතා එසේ අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක් වූ විමල් වීරවංශ මන්ත්රීවරයා මෙසේද සඳහන් කළේය.
"ක්රීඩා අමාත්යතුමනි, මට මෙතැනදී පෙන්වා දෙන්න ඕනේ, 'ක්රිකට් පාලක මණ්ඩලය පමණක් නොවෙයි තිබෙන එකම අවුල. ලොකුම අවුල තිබෙන තැන වන්නේ තේරීම් කමිටුවයි' කියා. මෙතැනදී මම පෞද්ගලිකව දන්නා කාරණාවක් රට හමුවේ තබනවා. ඔබට මතක ඇති, අපේ කණ්ඩායම ඉන්දියාව සමග තිබූ තරඟයේ දී 'ටොස් එක' දින්නා. නමුත් මහේල ජයවර්ධන කණ්ඩායමේ නායකයාට උපදෙස් දී තිබුණා, 'ටොස් එක දින්නත් බැට් කරන්න එපා! එයාලාට බැට් කරන්න දෙන්න!'
කියා.(මහේල ජයවර්ධන කියන්නේ මේ රටේ හිටපු දක්ෂ ක්රිකට් ක්රීඩකයෙක්. ඔහු සමග කිසිදු පෞද්ගලික ආරෝවක් මට නැහැ.) මේ තීන්දුව සම්බන්ධයෙන් පසුව ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ නායකයා ඇතුළු ඉදිරිපෙළ ක්රීඩකයන් කියනවා, 'අපි පුදුම වුණා, අපි ටොස් එක දින්නත් අපි හිටියේ බැට් කරන්න' කියලා. මේ වගේ තීන්දු පිටුපස තිබෙන කතා මොනවා වෙන්න පුළුවන්ද?