ගලක් හා පස් කන්දක් කඩාවැටීම නිසා තාවකාලිකව වසාදමා තිබූ මහියගංණය - මහනුවර 18 වංගුව මාර්ගය දැන් වාහන ගමනාගමනට විවෘත කර ඇතැයි හසලක පොලීසිය පවසයි.
මෙම මාර්ගයේ 18 වංගුව ප්රදේශයේ 3 හා 4 වංගු අතර ස්ථානයක අද (15දා) අලුයම 5.00 ට පමණ දැවන්ත ගලක් හා පස් කන්දක් කඩාවැටී මාර්ගය අවහිර වී තිබිණි. අදාළ මාර්ගය වසා දැමූ කාලය තුළ විකල්ප මාර්ගය වන රන්දෙණිගල මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සිදුවිය.