මහින්ද SLFP එකෙන් අයින් වුණේ නෑ
හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් රුපියල් 3000ක් තවමත් පක්ෂ අරමුදලට බැරවන බවත්ය.
මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන බවත් ඒ අනුව ඔහුට විපක්ෂ නායක ධූරය සඳහා හිමිකමක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 97ක් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
popular news
-
Dayan Wednesday, 19 December 2018 11:37 AM
So a person can be a member of two political paryies in that case.
Reply : 0 0
rocky Wednesday, 19 December 2018 11:40 AM
එක අයෙකුට පක්ස දෙකක සාමාජිකත්වය ලබා ගත හැකිද? මොදද්ද මේ වවුල් ප්‍රතිපත්තිය? කකුල් දෙක දෙපැත්තේ තියා ගත්තාම මැද කොටස ඒ අතරෙන් එල්ලෙන බව අමතක කොරන්න එපා! oya widihata nam deshapaalana පක්ස kramayen wadak nahane!
Reply : 0 0
Champa Wednesday, 19 December 2018 01:46 PM
බැසිල් ගහපු ගහපු පදේ වැරදුනා. කරපු තරමක් දේවල් වලින් වුනේ මහින්දට තිබ්බ නම්බුවත් නැති වෙච්ච එක. යකැදුර නටන්න ඕනේ තොවිලේ ආතුරය නටන්න ගිහාම ඔහොම වෙනවා. දැන් ඉතින් ශ්‍රී ලංකාද පොහොට්ටුද කියලා පැහැදිලි කිරීම් කරන්න වෙනවා. මම හිතනවා සහ ලියලත් තියෙනව, අගමැති වුනාට පස්සේ මහින්දව නැති හදිස්සියකින් පොහොට්ටුවේ සමාජිකත්වය ගන්න පෙළඹවීම පිටිපස්සේ කුමන්ත්‍රණයක් තිබුන කියල. පොහොට්ටුව පරවෙලා කියල තමන්ගේම හාමුදුරු කෙනෙක් කිව්වට පස්සේ තවත් මොනවද. මම දැක්ක තැනක දෙකක දාල තියෙනව මහින්දට අගැමති විදිහට දිවුරුම් දෙන්න දීපු නැකත වැරදියි කියලා. ඉර බැස්සයින් පස්සේ රටේ අගමැතිකමට දිවුරුම් දෙනවා තියා සාමාන්‍ය හොඳ වැඩක්වත් කරන්නේ නැහැ කියන එක සාමාන්‍ය ගැමියෙක්ගෙන් වුනත් ඇහැව්වා නම් කියයි. 2015 ජනාධිපති දිවුරම් දුන්නෙත් ගොම්මනේ හැන්දෑවක. එදා ඉඳන් අද වෙනකොට කිසි කාලෙක නැති තරම් නම් මිනිස් සහ සත්ව ජීවිත ගින්නෙන්, වතුරෙන්, වාහන අනතුරුවලින්, මිනීමැරුම් වලින්, සිය දිවි නසා ගැනීම් වලින් සහ වෙනත් උපද්‍රව වලින් නැති වෙලා තියෙනවද? 1970 ඉඳන් හැම අගමැති ජනාධිපති යටතේම විශාල ලේ වැගිරීම් වෙලා තියෙනවා. හැමදාම වරුදුනේ නැකතද?
Reply : 0 0
rocky Wednesday, 19 December 2018 08:49 PM
චම්පෝ, නැකත ගැන කියනකොට මට මතක් වුනා අර පරණ කයිය. "මේ මනමාල මහතාගේ නැකත් පත - වැරදීමකින් අද දින මෙහි ගෙනත් නැත". "එහෙනම් දුවේ ඒ මගුලෙන් වැඩක් නැත - ඒ මනමාල මහතා ගේ නැකත් පත"!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
