හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හෙට (14දා) දක්වා විදේශගත නො වන බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නො වන බවත් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු පිරිසකගේ විදේශ ගමන් තහනම් කරන්නයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නා.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් මෝසමක් මාර්ගයෙන් ඊයේ කැඳවනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ බුවනෙක අළුවිහාරේ අලුවිහාරේ ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම්වලට අදාළ මෝසම කැඳවනු ලැබීය.
ශ්‍රී ලංකා මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් වල සඳහන් කරුණු වලට වගකිවයුතු පුද්ගලයින් අතර සිටින ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිවරයා සිටින ස්ථානය ස්ථානය මේ වන විට වන විට රටේ පුරවැසියන්ට දැන ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇතැයි අධිකරණයට දැනුම් දුන්නේය.
මේ තත්ත්වය මත මෙම නඩුවේ සෙසු වගඋත්තරකරුවන්ද රටින් පලා යෑමේ පළා යාමේ සුදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ ඔවුන්ට අධිකරණයෙ අවසරයකින් තොරව විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෝසම මාර්ගයෙන් සිටියහ.
මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවා සේවාදායකයින් හෙට දක්වා රටින් පිටව යෑමට කිසිදු සූදානමක් නැති දැනුම් දුන්නේය.
හිටපු මහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට රටින් පිටව යාමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් එසේ ය රටින් පිටව යන්නේ නම් අධිකරණයේ අවසරය ලබාගෙන රටින් පිටව යෑමට කටයුතු කරන බවත් දැනුම් දුන්නේය.
මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල මහතා වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී නොසිටි හෙයින් ඔහුට ලබන 14 වෙනිදා වැනිදා දක්වා රටින් පිටව යාම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් ලබන 27 වැනිදා කැඳවීමට නියම කළේය.