මහින්ද රාජපක්ෂට තුන් පාරක් ඉල්ලන්න නීති ගෙනාවේ පුද්ගලානුබද්ධවයි
" මේ ආණ්ඩුව බලයෙන් උන්මත්තකවෙලා තියෙන්නේ.මන්ත්‍රීවරු 159,ගරු ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. පැනලා බලපුවාම තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින 2026.07.30 දින කොලඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදීන් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස්.දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
"ඉතින් ආණ්ඩුව කැමති නම් පනින්න, පැනලා බලන්න කොතනින්ද නතර වෙන්නේ කියලා.දැන්.ආණ්ඩුවට පිස්සු තදවෙලා තියෙන්නෙ.
ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ දැන් අර පිස්සුව හොඳටම තද වෙනකොට උඩට නැග්ග ගමන් ගැඹුර පේන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. අතපය කඩාගන්නවා, විනාශ වෙලා යනවා. ඉතින් දැන් ආණ්ඩුවේ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නේ. බලයෙන් උන්මත්තකවෙලා තියෙන්නේ.
පුද්ගලබද්ධව තීන්දු තීරණ ගත යුතු නෑ කියන එක තමයි මගේ විශ්වාසය. මොකද අපි ඉතිහාසයේත් පුද්ගලබද්ධව තීන්දු ගත්තනේ. මේ රටේ ව්‍යවස්ථා සංශෝධන අපි ගෙනල්ලා තියෙන්නේ බොහෝ අවස්ථාවල පුද්ගලයෝ ඉලක්ක කරගෙන. එක පාරක් ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි ගෙනාවා තුන් පාරක් ඉල්ලන්න. පුද්ගලබද්ධව.
මොකද ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව හිතුවා, තීන්දු කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන් පාරක් ඉල්ලිය යුතුයි කියලා. ඊට පස්සේ ගෙනාවා අවුරුදු 30, 35 කරා. ඇයි? පුද්ගලබද්ධව. ඊට පස්සේ ද්විත්ව පුරවැසියන්ට ඉල්ලන්න බෑ කියලා. අද ද්විත්ව පුරවැසියන්ට මහ බැංකුවේ අධිපති වෙන්නත් පුළුවන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙන්නත් පුළුවන්.
හැබැයි ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්න බෑ. ඇයි? පුද්ගලබද්ධව ගෙනාවා. ඊට පස්සේ ඒක ආයෙ වෙනස් කරා. ඒක ආයෙ වෙනස් කරා. වෙනස් කරපු එක ආයෙත් වෙනස් කරා. ඉතින් අද මේ ආණ්ඩුවත් එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදනවා. ඉතින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එපැයි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

