පළාත් පාලන මැතිවරණයේ සීමා නිරණය කමිටුවට මහින්ද දේශප්රිය මහතා පත්කරමින් ඡන්දව කල් දැමීමේ උත්සාහයක් රජය විසින් ආරම්භ කර ඇති බවත් එයට හසුනොවන ලෙස තමන් මහින්ද දේශප්රිය මහතාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්රි, මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“පළාත් පාලන මැතිවරණය කල් දාන්න හදන උපක්රමවලට මගේ හිතවතෙක් වන අපේ මහින්ද දේශප්රිය මහතාගේ නම දැන් පාවිච්චි කරනවා. මහින්ද දේශප්රිය මැතිතුමාට මම කියන්නේ මේකට අහු වෙන්න එපා. ඔබතුමාව පාවිච්චි කරලා එළියට විසිකරන්න යන්නේ.
ඔබතුමාව ඉදිරියට දාලා ඡන්ද කල් දාන වැඩසටහනක් ගේන්න යන්නේ. අපි මේක පරද්දනවා, අපි මේක පරද්දනවා. මහින්ද දේශප්රිය මැතිතුමාට මගේ මිත්රයාට ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නෙ මේකට අත තියන්න එපා. ඔබතුමාව ඉවරවෙන වැඩක් තමයි මේ ආරම්භ වෙන්නේ”