නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් සිව්දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අද (14) දින අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා වෙත (14) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා රු ලක්ෂයක පුද්ගලික ශරිර ඇප මත මුදා හැර යලිත් එම නඩුව මේ මස (27) දින කැදවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.
ඉකුත් (09) දින නාවලපිටිය නගරය මධ්‍යට පෙලපාලියකින් පැමිණි පිරිසක් මහින්දානන්ද පදනම් කාර්යාලයට පහර දි අලාභ හානි සිදු කල බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සැකකරුවන් 16 දෙනෙකුට එරෙහිව නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත ඉන් සැකකරුවන් සිව්දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් (14) දින අත්අඩංගුවට ගෙන ඇත.
අයුතු ජනරාශ්‍රිය , අනර්ථය, සොරකම් කිරිම යන චෝදනා යටතේ සැකකරුවන්ට නාවලපිටිය පොලිසිය විසින් චෝදනා ගොනු කර ඇත.
සැකකරුවන් වෙනුවෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥවරුන් දෙදෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වි සැකකරුවන්ට ඇප ලබා දි ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 25-50 වයස් කාණ්ඩවල පසුවන නාවලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.
සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.