මහින්දට හා ගෝඨාට කැනඩාවෙන් සම්බාධක
හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට කැනඩා රජය විසින් සම්බාධක පනවා තිබේ.
ශ්‍රී ලංකාවේ පැවැති යුදමය කාලසීමාවේදී සිදු කළ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ඔවුන්ට සම්බාධක පනවන බවන කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළාය.
ඒ අනුව කැනඩාවේ විශේෂ ආර්ථික රෙගුලාසි පනතට අනුව ඔවුන්ට කැනඩාව තුළ ඇති වත්කම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන අතර ආගමන හා සරණාගත ආරක්ෂණ පනත ප්‍රකාරව මින් පසු කැනඩාවට ඇතුළු වීමට අවස්ථාව නොලැබේ.
popular news
-
Deepal Nirosh Wednesday, 11 January 2023 12:01 PM
බොහෝම ස්තුතියි මැඩම්, බොහොම පින්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
