මහින්දට විපක්ෂ නායක ධූරය ඉල්ලයි
එළැඹෙන 18 දා දිනයේ සිට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයේ කටයුතු කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම සමග කටයුතු කරන නිසා ඔවුන්ට විපක්ෂනායක ධූරය දැරීමට නොහැකි බව එම පක්ෂයේ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මේ නිසා 18 දා පාර්ලිමේන්තුව රැස්වූ විට විපක්ෂනායක ධූරය අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවිධානය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
Champa Sunday, 16 December 2018 06:42 PM
කිසි ප්‍රශ්නයක් නැහැ. UPFA එක ආණ්ඩුවට සම්බන්ධ වෙන්න නැත්නම් හිටපු ජනාධිපතිතුමාට විපක්ෂ නායක තනතුර ඉල්ලන්න පුළුවන්. මමත් සුබ පතනවා. ඒ වුනාට 19 වෙනි සංශෝධනයට අනුව TNA එකට ආණ්ඩුවට එකතු වෙන්න බැහැ. එහෙම එකතු වුනොත් ඒක ව්‍යවස්ථා විරෝධියි. SLFP කිව්වා නේද? ෂුවර්ද? කෙවට්ටයන්ට කටට එන එක කියන්න පුළුවන්.
Reply : 0 7
Deepal Nirosh Monday, 17 December 2018 08:43 AM
තමුන්ට හිමි තැන මොකද්ද කියල අවුරුදු 3 1/2 කට පසුවයි තේරිලා තියෙන්නෙ. ඕවා 2015දිම ලබා ගත යුතුව තිබූ තනතුරු. එහෙනම් අද මේ රටට මේ වගේ ත්ත්වයක් අනිවාර්යයෙන්ම ඇති වෙන්නෙ නැහැ. හැබැයි කෝකටත් පෙර තම කණ්ඩායවේ 95 දෙනා දැන්වත් විපක්ෂයේ තනි කණ්ඩාමක් ලෙස තබා ගන්න උත්සාහ කරන්න. අපිට ආරංචිය සමහරු දැනටමත් අළුත් ආණ්ඩුවේ වලිගය ලෙව කකා ඉන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
