වත්මන් ආණ්ඩුව සොරකම් නොකරන නිසා විශාල මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයේ ඉතිරි වි ඇති බවත්
එම සියලු මුදල් දුප්පතුන් ගොඩ නැගිමට වියදම් කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා කීය. කිරුළපන
කොළඹගේ මාවත ඉදිකළ මහල් නිවාස සංකිර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
"ජනාධිපතිතුමා අපිට බිලියන 1500-2000ක් වෙන්කර තිබෙනවා. එම මුදල්වලින් නගර හැදෙනවා, කුඩා නගර
හැදෙනවා. විදුලිකරන ව්‍යාපෘතිය ගත්තොත් රුපියල් ට්‍රිලියනක්. අපි මේවගේ හදනවා ව්‍යාපෘති කළමනාකරණ
ඒකක. ඒවට අපිට තරුණ දක්ෂ ළමයි, අවශ්ය්යි. වෘත්තිකයන් අවශ්‍යයි. අපි පාරවල් හදනවා. මෙට්‍රෝ දානවා.
අවුරුදු 30ක් තිස්සේ නොකළ වැඩ අපි ජියර් පහම දාලා අදිනවා. සල්ලි ටොන් ගණන් ඉතිරිවෙලා තිබෙනවා.
හොරකම් කරන්නේ නැති නිසා. ඒ සල්ලි ඔක්කොම පුංචි මිනිසසු ගොඩ දාන්න වියදම් කරනවා. "