ආරච්චිකට්ටුව බුරුත කැලේ ප්රදේශයේ ස්ථාන දෙකක කලක සිට පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් පෙරීමේ ස්ථාන දෙකක් වටලා ලක්ෂ තිහකට ආසන්න මත්පැන්, ගෝඩා ඇතුළු පෙරිමේ උපකරන රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් ඊයේ (18දා) සවස අත්අඩංගුවට ගත් බව පවසයි.
මෙම වැටලිම පොලිස් විශේෂ කාර්ය බලකාය මෑතක සිදුකල දැවැන්තම නීති විරෝධී මත්පැන් ජාවාරම බව කියයි.
ආරච්චිකට්ටුව බුරුත කැලේ ප්රදේශයේ නිවාස දෙකක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබු මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම කරගෙන ගොස් තිබු බව කියයි.
අදාල ස්ථානය වටලන අවස්ථාවේ දී බැරල් 35 ක ගෝඩා දමා පෙරීමට සුදානම් කර තිබු බවත් එහි ගෝඩා බෝතල් 7000 කට අධික ප්රමානයක් තිබු බවත් එම සියල්ලම විනාශ කල බවද ඒ සමග පෙරන ලද නීති විරෝධී මත්පැන් බෝතල් 270 වක ප්රමානයක් ප්ලාස්ටික් බුලි තුල තිබියදි සොයා ගත් බවද කියයි.
කිසිවකුට සැක නොසිතන ලෙස මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම පවත්වා ගෙන ගොස් තිබුනේ නිවෙස් වලට යාබදව පොල් අතු වලින් සැකසු මඩුවක් තුල බව පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරිහු පවසති.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හා උපකරන ඇතුළු සියලු දෑ ආරච්චිකට්ටුව පොලිසියට භාර දීමට කටයුතු කල බව විශේෂ කාර්ය බලකා නිළධාරින් පවසයි.
