මහාපරිමාණ ජලාශවලට පාවෙන සූර්ය පැනල
වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු මහා පරිමාණ මහවැලි ජලාශ තුළ පාවෙන සූර්ය පැනල සවිකොට පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කරන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ආපදා කළමනාකරණ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි .
දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනගිල්ල විවෘත කරමින් අමාත්‍යවරයා ඊයේ (26දා) අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
"වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු විශාල ජල ධාරිතාවක් රැස් වන මධ්‍යම කඳුකරයේ මහවැලි ජලාශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා . විදුලිය නිෂ්පාදනය කොට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම මෙන්ම මහා පරිමාණ ජලාශ වල ජල වාෂ්පීකරණය අවම කිරීමට ද මේ තුළින් හැකියාව ලැබෙනවා .
මෙරට 40,000 ක් වන වැව් වලින් ග්‍රාමීය වැව් 5000 ක් වසර 5ක කාලයක දී ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා . මේ වන විටත් වැව් 1500 ක ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කොට තිබෙනවා . එම වැව් කේන්ද්‍ර කොට ගනිමින් ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරනවා . පානීය ජලය ලබා ගැනීම සහ උස්බිම් වල කෘෂි වගාවන් සදහා සුදුසු පරිදි ජලය සම්පාදනය කර ගැනීමට ද එම වැව් හරහා බලාපොරොත්තු වෙනවා .
ග්‍රාමීය මට්ටමේ නව ව්‍යවසායකයන් හඳුනා ගනිමින් ඔවුන්ට කර්මාන්ත දියුණු කිරීම සඳහා උපකාර කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම, ප්‍රාදේශීය කර්මාන්ත ශාලා බිහි කිරීමටත් අපේක්ෂා කරනවා . විදේශ රටවලින් ආනයනය කළ නමුත් මෙරට ද වගා කිරීමේ හැකියාව තිබූ හා ඇතුළු බෝග වර්ග එකයි හතක් දේශීයව වගා කළා . දැනට එහි අස්වනු තොග විශාල ලෙස නිපදවා වෙළඳ පොළට යොමු කරවමින් තිබෙනවා"
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kumar Friday, 28 January 2022 02:27 AM
If that can be achieved, then the secondary benefit will be the reduction of surface evaporation. City of LA is using floating balls to cover the surface of a small reservoir to reduce evaporation.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

