හලාවත මහ අධිකරණ විනිසුරුවරිය අපහසුතාවයට පත්වන අයුරීන් මැසෙන්ජර් පණීවිඩ යැවිමේ චෝදනාව මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්ත්‍රාත් සිරිමෙවන් මහෙන්ද්‍රරාජා මහතා වෙත ඉදිරිපත් කල චෝදනා ලැබු 62 හැවිරිදි නිතිඥවරයාව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරිමට 22 දින නියෝග කෙරුණී.
මෙසේ ඇප මත මුදා හැර තිබුනේ ජ්‍යෙෂ්ඨ නිතිඥයකු වන 62 දෙහැවිරිදි සුමුදු ජයමාන්න නැමති සැකකාර නිතිඥවරයෙකී.
මෙම සැකකාර නිතිඥවරයා වසර කිපයකට පෙර හලාවත මහ අධිකරණ විනිසුරු වරිය අපහසුතාවයට පත්වන අයුරීන් මැසෙන්ජර් හරහා පණිවිඩ යැවිම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවට පොලිසියට කල පැමිනිල්ලක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තුර්තුමේන්තුවේ කණ්ඩායමක් විසින් 21 දින රාත්‍රියෙ අත් අඩංගුවට ගැනිම සිදුව තිබුනී.
මෙම නිතිඥවරයා අදාල මහ අධිකරණ විනිසුරුවරිය අපහසුතාවයට පත්වන අයුරීන් දිගින් දිගටම මැසෙන්ජර් හරහා විවිධ ආකාරයෙ පණිවිඩ යවා ඇති බව කියයි.
කෙසේ වෙතත් සැකකාර නිතිඥවරයා නීතිපති උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබුනේ අපරාධ නඩු විධි විධාන සංග්‍රහයෙ 345 යටතේ චෝදනා එල්ල කරමිනි.
එම චෝදනාව සම්බන්ධයෙන් හලාවත මහෙස්ත්‍රාත් වෙත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කිරීමට සිදුව තිබුනී.
සැකකාර 62 හැවිරිදි නිතිඥයා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ශ්‍රී ලංකා නිතිඥ සංගමය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිතිඥ ඩි.එම්.සි.අර්සකුලරත්න මහතා සමග මාරවිල අධිකරණයෙ සමන්පාලි අමරසිංහ හා හලාවත නිතිඥ සංගමයෙ සභාපති සුමේධ පෙරේරා මහතා ඇතුළු නිතිඥයින් රැසක් සැකකරු වෙනුවෙන් අධිකරණයෙ පෙනි සිට කරුණු දැක්විම සිදුව තිබුනී.
සැකකාර නිතිඥවරයාට එල්ලවි ඇති චෝදනා සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයෙ කරුණු දැක්විම සිදුව තිබු අතර දෙපාර්ශවයෙ කරුණු සැලකිල්ලට ගත් හලාවත මහෙස්ත්‍රාත් සිරිමෙන්වන් මහෙන්ද්‍රරාජා මහතා විසින් ඇප කොන්දෙසි නියම කරමින් ඇප මත මුදා හැරීමට පොලිසියට නියෝග කර තිබුනී.
අදාල නඩුව ඔක්තෝම්බර් 24 දින යලි කැදවිමට නියමිතිය.