ළමා අපයෝජන සිද්ධි දෙකක් සම්බන්ධ නඩු දෙකක් පවතින සැකකරුවෙකු (52 ) මහාධිකරණයේ පෙනීසිටීමට බියෙන් වස පානය කර මිය ගොස් ඇති බව 19 දා පස්වරුවේ නිකවැරටිය රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය කෙරිණි.
නිකවැරටිය කොට්ඨාශ හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේ නිකවැරටිය මූලික රෝහලේදී හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය.
සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කල නිකවැරටිය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.යූ. රත්නායක මහතා මෙම මරණය වස ශරීර ගතවීම හේතුවෙන් සිදු වූ මරණයක් බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කෙරිණි.
නිකවැරටිය පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් වසමක පදිංචි 52 හැවිරිදි සැකකරු වස පානය කිරීම හේතුවෙන් ඔහුගේ බිරිඳ විසින් ඔවුන් පදිංචි ප්‍රදේශයේ රෝහලටඇතුළත් කරණු ලදුව,වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට මාරු කර එවීමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බවද හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය කෙරිණි.
සැකකරු ගේ බිරිය හදිසි මරණ පරීක්ෂණ යේදී සාක්ෂි දෙමින් කියා සිටියේ තම නිවසට නිතර ආගිය වයස අවුරුදු නවය සහ දහය වයසේ දැරියන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කල බවට තම ස්වාමියාට නඩු දෙකක් වෙනුවෙන් ඉදිරි දිනක මහාධිකරණයේ පෙනී සිටිමට නියමිතව තිබූ බවයි.
සැමියා දිවි නසා ගන්නා බවට ඔහුගේ සහෝදරිය සමගද පවසා ඇති බවද තමන්මෙදින නීතිඥ මහතෙකු හමු වීමට නිවසින් බැහැරට ගොස් සිටියදී ,සැමියා වස පානය කර ඇති බවද මරණකරුගේ බිරිය මරණ පරීක්ෂණයේදී තව දුරටත් අනාවරණය කලාය.
ලැබුණ සාක්ෂි වලට සහ වෛද්‍ය වාර්තාවට අනුව මෙම මරණය වස පානය කිරීම හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට නිකවැරටිය කොට්ඨාශ හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා නිගමනය කළේය.