මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගය නවීකරණය අරඹයි
දිට්වා සුළි කුණාටුව නිසා හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දියානු රජයේ ආධාර ඇතිව මහව සිට අනුරාධපුර දක්වා නවීකරණරණ කටයුතු අද (11 ) දින මහව දුම්රිය ස්ථානයේදී ආරම්භ කෙරිණි. ඒ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තොස් ජා මහතා හා ප්‍රවාහන මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගීත්වයෙනි.
එලෙබෙන තයිපොංගල් වලින් පසු 19 වෙනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය නවතා දැමීමට කටයුතු කර තිබේ. නවීකරණ කටයුතු සඳහා වැය වන මුදල රුපියල් කෝටි 150 කි.
2014 මහව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර 2024 දී නැවත දුම්රිය දෙපාර්තමේත්වට භාර දී තිබුණි. ඒ අනුව කිලෝමීටර් 370 ක ගමන් මාර්ගය පැයට කිලෝමීටර් සීයක වේගයකින් ධාවනය වන්නට හැකි ලෙස ප්‍රතිසංස්කරණය කටයුතු කෙරිණි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ, ගමන් මාර්ගය අවහිරවීම නිසා දුම්රිය මාර්ගය නැවත තිබූ තත්ත්වයට පත්කිරීම සඳහා ආරම්භ වන ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු 31 දක්වා කාලය තුළ වැඩ අවසන්කර අප්‍රේල් අවුරුදු සමයේදී උතුරු දකුණු යාකරමින් දුම්රිය ගමන් කිරීමට ඉඩ සැලසීම අරමුණ වී තිබේ.
මහව සිට අනුරාධපුරය දක්වා ඇති දුම්රිය පාලම් පහ සහ වන අලින්ට යාම සඳහා ඉදිකළ කළ වනජීවී උමං මාර්ගය සම්පූර්ණයෙන් වැඩ අවසන් කර උතුර දුම්රියය මාර්ගය වැඩ අවසන් කිරීමට බලාපොරොත්තුවේ.
මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තොස් ජා, ප්‍රවාහන මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පාර්ලිමේන්තු මන්ත්රීනී ගීතා හේරත් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් ,ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මහව සජීවා කෝට්ටගොඩ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
