මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත ප්‍රාදේශිය ලේඛම් කොඨඨාශයේ එගොඩ කළුගමුව ග්‍රාම නිලධාරි වසමේ නැකත්තාවත්ත ප්‍රෙද්ශයේ මහවැලි ගං රක්ෂිතයේ ඉවුර කිසියම් පිරිසක් විසින් එහි ඇල්ල කපා ගොඩ කර ඇති බව ප්‍රෙද්ශවාසින් පවසයි.
ප්‍රෙද්ශවාසින් පවසන්නේ මෙම ස්ථානයට පරිසරවේදියා මෙම ස්ථානයට මේ සම්බන්දව නිරික්ෂනය කිරිම සදහා පැමැනෙන තුරු කිසිදු වග කිව යුතු නිලධාරියෙක් මෙම ස්ථානයට නොපැමිණි වගයි.
මිට යාබදව වැලි ගොඩ දමන ස්ථාන කිහිපයක් ඇතත් මෙම ස්ථානයේ මෙලෙස මහවැලි ගං රක්ෂිතය කපා දමා එහි ගස් වැල්ද කපා දමමින් කුමන කටයුක්තක් කරනවාද යන්න මේ දක්වා කිසිවෙකු නොදන්නා බවද පුදේශවාසින් පවසයි.
ඔවුන් පවසන්නේ මහවැලි නදිය විනාස කර දමා ඇති ප්‍රෙද්ශයට මදක් පහලින් නිල්ලබ ඔය මහවැලි ගගට වැටෙන් ස්ථානයේ මෝය කටද මෙම ස්ථානයේ පිහිටා ඇති අතර මෙලෙස ගග හා ගං ඉවුර කපා දැමිම නිසා අධික වර්හාවක් පැමිනියහොත් ප්‍රෙද්ශයේ නිවෙස්ද මහවැලි ජලයට හසුවිමේ අවධානමක්ද ඇති බ ව ඔවුන් පවසයි.
මේ වන විට එම ස්ථානයේ අඩි 40 ක් 50 ක් පමන දිගට මහවැලි ගං ඉවුර කපා දමා ඇති අතර එම ඇල්ලට උඩින් ඇති ඇල්ලද කපා දැමිම සිදුකර මහවැලි රක්ෂිතයට අයත් ප්‍රෙද්ශයේ ගස්වැල්ද කපා දමා ඇති බවත් මේ සම්බන්දව කිසිදු නිලධාරියෙක් මෙම පරිසර වෙදියා මෙම ස්ථානයට පැමිනෙන තුරු මේ සම්බන්දව සොයා බැලිමට කිසිදු බලධාරියෙකු නොපැමිනි බවද ඔවුහු පවසයි.
මෙම ස්ථානය නිරික්ෂනය කිරිමට එම ස්ථානයට පසුගියදා පැමිනි ගම්පොළ හරිත සංගමයේ කැදවුම්කරු සමීර චන්ද්‍රසිරි මහතා පවසන්නේ මහවැලි නදියේ විනාසය මධ්‍යම පළාත තුලම සිදුවන බවත් මෙවන් විනාසයන් සිදුවන විට ඒ සම්බන්දව කටයුතු කරන නිලධාරින් හා ආයතන නිහඩව සිටිම පරිසර වේදින් ලෙස දැඩි විරෝධය දක්වන බවද ඔහු පවසයි.
මෙම ප්‍රෙද්ශයේ මහවැලි ඉවුර ආශ්රිත මහවැලි රක්ශිතයේ මහා පරිමානයෙන් මහවැලි නදියේ ඇල්ල යන්ත්‍ර සුත්‍ර යොදාගනිමින් විනාස කර දමා ඇති බව තමා කල නිරික්ෂනයේදි පැහැදිලි වු බවත් මේම ප්‍රෙද්ශයේ මහවැලි නදියේ ඇල්ල ප්‍රෙද්ශය අඩි 40 ක් 50 ක ආසන්න ප්‍රමානයක් යන්ත්‍ර සුත්‍ර යොදාගනිමින් කපා දමා ඇති බවත් එමගින් මහවැලි නදියේ ඉවුර මෙන්ම මහවැලි නදියට ඉහලින් ඇති වැලිගල්ල ගෙලිඔය කාපට් මාර්ගයද මෙම ඉවර් කැපිම නිසා දැඩි අවධානමකට ලක්වන බවද සමිර චන්ද්‍රසිරි මහතා පැවසිය.
මහවැලි දුෂනය විනාසය මධ්‍යම පළාත තුලම සිදුවන බව නොයෙක් අවස්ථාවලදි බලධාරින්ට පරිසර නේදියෙන් ලෙස කොතෙක් පෙන්වා දි ඇතත් ඒ සම්බන්දව කිසිදු බලධාරියෙකු පියවර ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවද සමීර චන්ද්‍රසිරි මහතා පවසයි.
මේ අකාරයෙන් මෙගෙස මහවැලි නදිය විනාස කලහොත් මධ්‍යම පළාතේ මහවැල් නදිය ආශ්රිත සමතුලිත භාවය මිදි ගොස් විශාල අවධානමකට ගග දෙපස ජිවත්වන ජනතාවට වන්දි ගෙවිමට සිදුවන බවද ඒ මහතා පැවසිය.
මේ සම්බන්දව වැඩි දුරටත් ප්‍රෙද්ශවාසින් පවසන්නේ දිගු කලක පටන් මෙම මහවැලි නදියේ බවර් විනාස කිරිම දිගින් දිගටම සිදුකරනු ලබන බවත් ඉවුරට ආසන්න ඇල්ල කපා දමා මහවැලි නදියේ බවුර පස් දමා ගොඩ කර ඇති බවත් එමනිසා ඉවුරේ අනික් පැත්තද මේ වන විට මහවැලි නදියට සේදි යැමට පටන් ගෙන ඇති බවත් ඔවුහු පවසයි.
අධික වර්ෂාව සමයේදි මහවැලි නදිය පිටාර ගැලිම නිසා තම නිවෙස් ආසන්නයටම ජලය පැමනෙන බවත් මෙවන් ආකාරයට මහවැලි නදිය විනාස කර දැමුවහොත් නදිය පිටාර ගැලිම නිසා තමන්ට නිවෙස් වල පදිංචිය අත් හැරිමට සිදුවන බ වද ප්රෙද්සවාසින් පවසයි.
මේ සමබ්න්දව පේරාදෙණිය පොලිසියට පැමිනිලි ලැබි ඇති බවත් අදාල ආයතන දැනුවත් කර මේ සම්බන්දව විමර්ශනයක් අරබා ඇති බවද පේරාදෙණිය පොලිසිය පැවසිය.
