මහවැලි කලාපයේ ආහාර භෝග ප්‍රවර්ධනය කිරිමට ජනපතිගෙන් නියෝගයක්
ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුළුල් වැඩසටහනක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා මහවැලි නිලධාරීන්ට උපදෙස් දෙයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අභ්‍යන්තර උසස්වීම්වලට අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි
මහවැලි කලාප මිරිස් වගාව ඇතුළු අතිරේක ආහාර බෝගවලින් සශ්‍රිකව පැවතිය ද අද වන විට එම වගාවන් විනාශ වී තිබෙන අතර අධික පිරිවැයක් දරමින් එම නිෂ්පාදන පිටරටින් ගෙන්වීමට සිදුව ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
එබැවින් රටේ ජාතික ආහාර නිෂ්පාදනය සදහා පුළුල් දායකත්වයක් දැක්විය හැකි පරිදි මහවැලි කලාප අස්වැද්දීමට නව කෘෂි වැඩසටහන් කි‍්‍රයාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
දේශීයව වගා කළ හැකි ආහාර බෝග හැකි තරම් වගා කිරීම මගින් ආනයනය සීමා කිරීම හා දැරීමට සිදුවන විශාල පිරිවැය කෘෂිකර්මාන්තය නැංවීමට යොදා ගැනීමට හැකිවන අතර එය රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිවහලක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

popular news
-
Rocky Wednesday, 19 December 2018 06:43 AM
බොහොම හොඳයි. ගොවි කටයුතු ප්‍රවර්ධනය කොරලා තමන්ගේ වීමෝල් හිමි සහෝදරයන්ව සංවර්දනය කොරන්න!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
