මහරගම මැතිවරණ කොට්ඨාශය තුළ, පසුගිය දෙසැම්බර් 31දා වනවිට අවසන් කළ යුතු ව්‍යාපෘති 99 න් 45ක් සිදු වී නොමැති බව, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ, මහරගම සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණ විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවන අනුමත ව්‍යාපෘති24න් 06 ක් මෙසේ නිම කර නොමැති අතර, නගර සභාවට අනුමත වූ ව්‍යාපෘතීන් 75 න් 39 ක්ද සිදුකර නොමැති බව එහිදී අනාවරණ විය.
මෙම කරුණු හෙළි වූයේ නිම කළ ව්‍යාපෘති පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා විමසූ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු අනුවය.