මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද උදෑසන සිදුකළ වෙඩිතැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමති අයෙක් වන අතර ඔහු වැල්ලේ සාරංග නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.