මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කරන ලද මහපොළ අධ්‍යපන ,වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය වසර 14 කට පසු යළිත් ක්‍රියාත්මක කිරීමට වෙළද හා පාරිභෝගික අමාත්‍යාංශය කටයුතු සිදු කරන බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ජා-ඇල ඒකල ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන කට එක් වෙමිනි.
මේ අනුව මහපොළ අධ්‍යපනික වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළි ය දෙසැම්බර් මස 13 සිට 17 දින දක්වා ජා-ඇල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවේදී ව්‍යාපාරිකයන් දැනුවත් කරමින් අදහස් දැක්වූ නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා.
" මෙරට දුප්පත් දෙමාපියන්ගේ දරුවන් අධ්‍යපනිකව ඉහළට ඔසවා තැබීමට අවශ්‍යය අරමුදලක් ආරම්භ කිරීම සදහා දිවංගත.ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කරන ලද මහපොළ අධ්‍යපනික වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය විවිධ හේතු මත වසර 14 ක පමණ කාලයක් ඇණහිට තිබුණා. මෙරට දුප්පත් දෙමාපියන්ගේ දරුවන් විශ්ව විද්‍යාල වලට තේරුණු පසු මූල්‍ය අගහිඟකම් නිසා විවිධ ගැටළු වලට මුහුණ දෙනවා.
එම තත්ත්වය අවම කිරීම ට ඇති කර ඇති මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අපි පුළුල් කර තව දුරටත් ඉදිරියට රැගෙන යා යුතුයි. අද වනවිට මේ මහපොළොව අරමුදල නිසා විශ්ව විද්‍යාල සිසූ සිසුවියන් 65000 ක් පමණ ප්රතිලාභ ලබනවා. එම අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන 17 ක තැන්පතුවක් තියනවා. වාර්ෂිකව එයට පොලිය වසයෙන් රුපියල් බිලියන 2 ක් එකතු වෙනවා.
මෙම මහපොළ ප්‍රදර්ශනය නිසා නව නිපැයුම් කරුවන් ට මෙන්ම ව්‍යවසායකයන් සදහාත් ඔවුන්ගේ නිශ්පාදන වෙළද පොළක් ලබා ගැනීමට අවස්ථාව තියනවා. මේ සඳහා අපි විවිධ වර්ගයේ වෙළද කුටි 350 ක් ඉදි කිරීම කරනවා. මහා පරිමාණ ව්‍යාපාරකයාගේ සිට සුළු ප්‍රමාණ ව්‍යාපාරිකයා දක්වා වෙළද පොළ ක් මෙහිදී නිර්මාණය වෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා මහපොළ සැණකෙළිය පැවැත්වෙන දින පහේදී විවිධ අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් එය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව පළමු දිනයේදී අධ්‍යාපන වෙනුවෙන් වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. දෙවන දවසේදි කුඩා කර්මාන්ත කරුවන් ගැන අවධානය යොමු කරමින් කටයුතු කරනවා. තෙවැනි දිනය වෙන් වන්නේ තොරතුරු තාක්ෂණය සදහායි. හතර වන දින විලාසිතා නිර්මාණකරුවන් ට අවස්ථාව වෙන් කරනවා, පස් වන දිනය ආහාර හා ආහාර සුරක්ෂිතතාව ගැන ජනතාව ට දැනුවත් වීමේ අවස්ථාව ලැබෙනවා. "