මහනුවර සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහනය සඳහා ලංගම හරහා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.
එම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගය ගිලා බැසීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය ඇණ හිට තිබේ. මේ අනුව මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවාතිබේ.
මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.