මහනුවර හා ඇඹිලිපිටිය ඝාතන දෙකක්
- 24 01 2026
- 07:23
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඹිලිපිටිය පොලිස් වසම.
2026.01.23 දින සවස ඇඹිලිපිටිය පොලිස් වසමේ වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 39 ක් වූ වීරසිංහපුර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මනුෂ්‍ය ඝාතනයක් - මහනුවර පොලිස් වසම.
2026.01.23 දින දහවල් මහනුවර පොලිස් වසමේ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානය මඟින් විමර්ශනක් ආරම්භ කර ඇත. මරණකාරිය අවුරුදු 65 ක් පමණ වූ යාචක කාන්තාවකි.
මෙම ඝාතනය සිදු කළ වයස අවුරුදු 30 ක් වන සැකකරු පොලිස් ස්ථානයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර අපරාධයට යොදාගත් පිහිය ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

