මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් සමූපකාර සමිතිවල සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව පසුගියදා තීරණය කළේය.
මහනුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්.බස්නායක මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඉදිරිපත් කරන ලද හසලක සමූපකාරයේ පසුගිය කාලයේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සම්බන්ධීකරණ කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
මෙහිදී අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම්. බස්නායක මහතා සදහන් කළේ පසුගියදා පැවැති මිනිපේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හසලක සමූපකාර සමිතියේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් සාකච්ඡා වූ බවත් ඒ සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගත නොහැකි නිසා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් ගත් බවයි.
මෙහිදී හසලක සමූපකාර සමිතියේ පසුගිය කාලයේ, පස් වංචාවක්, වී වංචාවක් සහ සීනි වංචාවක්ද සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී කීය. හසලක ඉන්ධනහල ගිනි ගැනීම සම්බන්ධයෙන්ද තවමත් පරීක්ෂණ අවසන් වි නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සඳහන් කළේ මෙවන් ගැටළු සමූපකාර සමිති රැසකින් වාර්ත වන බවයි. විශේෂයෙන් සමූපකාර සමිතිවල අතුරු ව්‍යවස්ථා නිසා එහි සභාපතිවරයාට සහ අධ්යක්ෂ මණ්ඩලයට අවශ්‍ය විදිහහට නීති සකස් කර ගන්නා ආකාරයක් දක්නට ලැබෙන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කළේය.