මහනුවර ජාතික රෝහලේ හෙද නිලධාරින් 426 දෙනෙකු වසර 10 සිට වසර 31 දක්වා දිර්ඝකාලයක් එකම ඒකකය තුළ හෝ එකම අංශය තුළ සේවයේ නිරතව සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මහනුවර ජාතික රෝහල තුළ හෙද කාර්යමණ්ඩලය සඳහා නිශ්චිත අභ්‍යන්තර මාරු ප්‍රතිපත්තියක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. රෝහල තුළ හෙද කාර්යමණ්ඩලයේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ස්ථාපිතකොට නොතිබුණි.
මහනුවර ජාතික රෝහලේ හෙද නිලධාරින් 426 න් 204 දෙනෙකු සේවයේ යොදවා ඇත්තේ විශේෂිත ඒකකවලට බැවින් රෝහල තුල අභ්‍යන්තර ස්ථානමාරු ක්‍රමවේදයක් සකස් කිරිම සම්බන්දව විශේෂිත ශ්‍රේණියේ හෙද නිලධාරින් වෙත දන්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.