මහනුවර ජාතික රෝහලේ ගැබිණි වාට්ටු අසල ඇති අපජලය බැහැර කරන කාණුවක තිබී මාස අටක් පමණ වයස ඇති මිනිස් කලලයක් සොයා ගෙත් බව පොලීසිය කියයි .
එම කාණු පද්ධතිය පිරිසිදු කිරීමට ගිය සේවිකාවක් එය දැක රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබේ .
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ මහනුවර ජාතික රෝහලේ ගැබිනි වාට්ටුවේ සිටින මවක විසින් මෙය කාණුවට බැහැර කර තිබෙන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි .
මෙම මිනිස් කලලය සතෙකු විසින් ඇදගෙන විත් මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට සැක කරණ අතර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ එම මිනිස් කලලය තැන්පත් කොට ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එය පරීක්ෂා කර බලන තෙක් ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් සිදුකළ නොහැකි බව ද අධ්‍යක්ෂකවරිය පැවසීය . මේ සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන මුලස්ථාන පොලිසිය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ .