මහනුවර ජාතික රෝහල් විසින් රෝගි සත්කාර සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවිමේ අරමුණින් රුපියල් එක්කෝටි, අසුලක්ෂ, විසිහතරදහස්, පන්සියහතලිස්අටක මුදලක් (18,024,548) වැයකොට මිලදි ගනු ලැබු විද්‍යුත් මගි ප්‍රවාහන රථ හයක් සහ විද්‍යුත් ගිලන්රථ හතරක් මිලදිගෙන වසර දෙකක් ගතවිමට ද මත්තෙන් භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2018 වර්ෂයේ දි මෙම විද්‍යුත් රථ මිලදිගෙන තිබු අතර මෙම රථ මිලදිගෙන වසර දෙකකට පමණ පසු කදු ඇදිම සදහා රථවල එන්ජින් ධාරිතාවය ප්‍රමාණවත් නොවිම හා බැටරි ආරෝපනය රදා නොපැවතිම මත භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකි වාහන මිලදි ගැනිමේ දි ලංසු ලේඛනවල පිරිවිතර අනුව වසර 05ක නඩත්තු ගිවිසුමකට එළඹිය යුතු වුවද විද්‍යුත් වාහන සැපයුම්කරු සමග එවැනි නඩත්තු ගිවිසුමකට එළඹිමට කටයුතු කර නොතිබුණි.
විද්‍යුත් රථ සදහා පිරිවිතර හා තෝරාගත් ලංසුකරුගේ පිරිවිතර සැසදිමේ දි ප්‍රමාණාත්මක තාක්ෂණික බැහැරවිම් පැවති බව තාක්ෂණික ඇගයිම් කමිටු වාර්තා මගින් පෙන්වා දි තිබුණි. තවද මෙම රථවල වැඩිදියුණු කිරිම සිදුකිරිමට නිර්දේශකර තිබුණද එම රථ පුර්ව පරික්ෂාවක් හෝ වැඩිදියුණු කිරිමක් සිදුකර වාර්තාවක් ඉදිරිපත්කර නොතිබුණි.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.