මහනුවර මානව හිමිකම් කාර්යාලය හෙට විවෘත නොකලොත් මාරාන්තික උපවාසයක්
දැනට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාව යොදා ඇති මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය හෙට (06) විවෘත කිරීමට බලධාරීන් පියවර නොගතහොත් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනි කුමුදුනි විතාන මහත්මිය පවසයි.
එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස වසර 08 ක කාලයක් සේවය කළ කුමුදුනි විතාන මහත්මිය කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුකොට ඒ වෙනුවට එම කාර්යාලයේ සම්බන්ධීකරණ නිළධාරීවරයා ලෙස විරංජන් සුමනසේකර මහතා පත් කිරීම හේතුවෙන් දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගැටලුකාරී තත්වයක් උද්ගතව තිබේ .
කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව අදාළ පත් පත්කිරීම සිදුකර තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ අභියාචනා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකොට සභාපතිනිය හා ලේකම්වරයා ඇතුළු පිරිස තමන් සේවය අතහැර ගියා සේ සළකා මැයි මස 04 වැනි දින ලිපියක් මගින් දන්වා තිබෙන බව පවසන කුමුදුනී විතාන මහත්මිය ඒ හේතුවෙන් තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද පවසයි .
තත්වය එසේ පවතිද්දී කොමිෂන් සභාවේ ලේකම් රංජිත් උයන්ගොඩ මහතා ඇතුළු පිරිසක් පසුගිය 30 වැනි දින මහනුවර කාර්යාලයට සීල් තබා එහි තිබූ කැබ් රථය කොළඹ ප්‍රධාන කාර්යාලයට රැගෙන ගිය අතර එදින සිට මේ දක්වා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය පවතිනුයේ පොලිස් ආරක්ෂාව යටතේය.



popular news
-
චින්තක Tuesday, 06 June 2023 12:01 AM
අවුරුදු අටක් කෙනෙක් එකතැනක ඉදලා නැවතත් එතනම ඉල්ලනවා කියන්නෙ එතැන හොද්ද රසට තියෙනවා කියලා තමයි
Reply : 0 0
Deepal Nirosh Tuesday, 06 June 2023 06:01 AM
අනුන්ගෙ මානව හිමිකම් ආරක්ෂා කරල දෙන්න දැඟලුවාට තමුන්ගෙ මූලික හිමිකමක්වත් ආරක්ෂා කර ගන්න බැරි පිරිසක් නෙව මේ කොමිසම්වල සේවය කරන්නෙ. අනේ අනිච්චං...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

