චක්රලේඛ ප්රකාරව දුරකථන දිමනා දෙකක් ලබා ගැනිමට නොහැකි වුවද මහනුවර මහනගර සභාවේ නිලධාරින් 38 දෙනෙකු දුරකථන දිමනා දෙකක් ලබාගෙන ඇති බැවින් වැඩිපුර ගෙවා ඇති දුරකථන දිමනා අයකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
නගර සභාවේ නිලධාරින් 38 දෙනෙකුට රාජකාරි නිවාස දුරකථනය, ජංගම දුරකථනය හා අන්තර්ජාල සම්බන්දතා සදහා මාසික දිමනාවක් වැටපු සමග ගෙවා තිබුණි.එසේ ගෙවා තිබියදි එම නිලධාරින් සදහා 2022 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලයට අදාළව රුපියල් විසිලක්ෂ තිස්හතරදහස්,හාරසියහැටදෙකක (2,034,462) දුරකථන බිල්පත් මහ නගර සභා අරමුදලින් ගෙවා තිබුණි.
නිලධාරින්ට නගර සභාවෙන් සපයා ඇති ජංගම දුරකථන සම්බන්දතාවය රාජකාරි දුරකථනය ලෙස සලකා බිල්පත් පියවිම සුදුසු බව නිර්දේශ ලබා දි ඇති බව මහනුවරමහ නගර සභාව විසින් විගණනයට සදහන් කොට ඇත. එමෙන්ම නිලධාරියගේ පුද්ගලික ජංගම දුරකථනය රාජකාරි නිවාස දුරකථනය හා අන්තර්ජාල සම්බන්දතාවය සදහා වන දිමනාව යොමුගත චක්ර ලේඛයේ සදහන් කරුණුවලට අනුකුලව ගෙවිම් කළ බවට මහනගර සභාව විසින් විගණනයට සදහන් කොට ඇත.
මහනුවර මහනගර සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
ජේ.කේ.එල්. චාමින්ද