මහනුවර දිස්ත්‍රික්කය තුළ කොරෝනා ව්‍යාප්තිය අවදානම් තත්ත්වයක
මහනුවර දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ව්‍යාප්තිය දිනෙන් දින බැරෑරුම් තත්ත්වයට පත් වෙමින් පවතින බව පළාත් සෞඛ්‍ය වෛද්‍ය අංශ පෙන්වා දෙයි .
ඒ අනුව මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් වෛරස ආසාදිතයන් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 1356 කි . මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් මරණසංඛ්යාවද නවයකි.
අද (04) පෙරවරු 6.00 වන විට මධ්‍යම පළාතෙන් වාර්තා වී තිබූකොවිඩ්19 ආසාදිතයින් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2133 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 623දෙනෙකු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්164 දෙනෙකු ද වාර්තා වී තිබේ .
අද (04) පෙරවරු 6.00 න් අවසන් වූපැය 24 තුල දී මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී තිබුණු අතර ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 59ක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 12ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් දෙකක් වශයෙනි .
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් අකුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වේ .
එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව 290 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 258 කි .
මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වනු ලබන්නේ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 35 කි .මහනුවර දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයට අද (04) කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ අතරරංගන ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයකු හාමහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ අසූ හැවිරිදි කාන්තාවක එසේ මියගොස් තිබුණි.
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
