දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද 01 වනදා දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 131 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 174 දෙනෙකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්යස්ථානයඅද සවස නිකුත් කළ නිවේදනය අනුව තව දුරටත් සඳහන් කරන්නේ මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 21,927 කට අයත් පුද්ගලයින් 50,719 ක් පීඩාවට පත්ව ඇති බවයි.
මෙයට අමතරව 10,959 ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන් පවුල් 8864 ක පුද්ගලයින් 33,474 ක් ආරක්ෂිත ස්ථාන 349 ක රඳවා ඇති බවත් ඉතිරි පිරිස ඥාති නිවෙස්වල පදිංචිව සිටින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි
මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 532 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 4451 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තව දුරටක් කිියයි.
මොහොමඩ් ආශික්