මහනුවර දිස්ත්‍රික්කය තුල වගා නොකළ ගොඩ හා මඩ ඉඩම් හෙක්ටයාර් 3122 ක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ මහතා මේ බව කීය. මෙහිදි තව දුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළේ
මහනුවර දිස්ත්‍රික්කය තුල මඩ ඉඩම් හෙක්ටයාර් 2559ක් සහ ගොඩ ඉඩම් හෙක්ටයාර් 563ක් වගා නොකර ඇති බවට හඳුනා ගෙන ඇති බත් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව දැනට කඩිනමින් වගා කළ හැකි භූමි හදුනාගෙන වගා කිරීම් ආරම්භ කළ බවත් දැනට මඩ ඉඩම් හෙක්ටයාර් 670 සහ ගොඩ ඉඩම් හෙක්ටයාර් 93ක් වගා කිරීම ආරම්භ කළ බවත් ඒ මහතා කීය. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු මගින් හදුනා ගන්නා ඉඩම් එම කමිටු තීරණ අනුව වගා කිරිම කඩිනම් කරන බව ද ඒ මහතා තව දුරටත් කීය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය නිරූෂා අයෝනි යන මහත්මීන් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරීන් මෙම රැස්වීමට එක් වූහ.
මොහොමඩ් ආශික්