මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1787 ක් දක්වා ඉහළට
මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 67ක් අලුතින් අද (14) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 1787ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සීමාවෙන් වාර්තා වේ. ඒ ආසාදිතයින් 373කි. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 328ක්, පාතදුම්බර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ආසාදිතයින් 141ක් වාර්තා වේ.
අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් අතරින් වාර්තා වන වැඩිම ආසාදිතයින්, ගම්පොල 136, පූජාපිටිය 118, කුණ්ඩසාලේ 105. ලෙසින් වාර්තා වේ.
හඳුනාගත් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවන අතර එවායේ ආසාදිතයින් 786ක් ප්‍රතිකාර ලබයි. පැය 24 ක කාලය තුළ ඇතුළත් කළ නව ආසාදිතයින් සංඛ්‍යාව 26ක් වන අතර සුවය ලබා පිටවූ සංඛ්‍යාව 39කි.
මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ කිහිපයකට මේ වන විටත් සංචරණ සීමා පැණවීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර ඇත.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

