ඉන්ධන , ගෑස් , සහ විදුලිය අර්බුදයට මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩවල පවතින අධික මිළ ගණන් වලට විරෝධය දක්වමින් මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය හෙද සහ කණිෂ්ඨ මණ්ඩලය ඇතුළු සියලු සේවක සේවිකාවන් අද (05දා) උද්ඝෝෂණයක නිරත වුහ.
මහනුවර ජාතික රෝහලේ සිට පෙළපාලියකින්පැමිණි ඔවුහූ මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසලට පැමිණ විරෝධතාවය දැක්විමෙන් පසුව නැවතත් පෙළපාලියෙන්ම රෝහල වෙත ගමන් ගත්හ.
මහනුවර මොහොමඩ් ආසික්


