මහනුවර කොළඹ ඒ 01 මාර්ගය අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පමණක් සඳහා සහ මහනුවර මහියංගණය මාර්ගය සැහැල්ලු වාහන සඳහා පමණක් අද 04 වනදා සිට විවෘත කර ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා කියයි.
ඒ මහතා තව දුරටත් සඳහන් කළේ මෙම මාර්ග දෙකට අමතරව , මහනුවර සිට කොළඹ දක්වා පොදු ප්‍රවාහන සේවා සපයා ගත හැකි එකම මාර්ගය ලෙස මහනුවර ගලගෙදර හරහා කුරණෑගල මාර්ගයත්, මහනුවර ගම්පොළ මාර්ගයත්, මහනුවර වලපනේ මාර්ගයත් දෙල්තොට මාර්ගයත් සහ ඒ 09 මාර්ගයත් විවෘත කර ඇති බවයි.
ඉදිරි දිනි කිහිපය තුලද ආපදාවට පත්ව ඇති දිස්ත්‍රික්කයේ තවත් මාර්ග රැසක් විවෘත කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා කීය.