පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ ගැටඹේ රාජෝපවනාරාම විහාරය අසල ඇති උමං මාර්ගය භාවිතා කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ගැටඹේ රාජෝපවනාරාමය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ පදික වෙළඳුන් නිසා සිදුවන අවහිරතා සම්බන්ධ කෙෂ්ත්‍ර නිරීක්ෂණයකට එක් වෙමිනි.
එම ස්ථානයේ පදික වෙළඳුන් නිසා පදිකයන්ට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද අවධානය යොමු වී තිබිණ.
පදික වේදිකා හා උමං මාර්ගයක් පැවතුණත් පදිකයන් ප්‍රධාන මාර්ගය භාවිත කිරීම නිසා දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතුවී ඇති බවත් මේ හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක් මතුවන බවත් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ලක් විය.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතළු පිරිස ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර උමං මාර්ග භාවිතා කිරීම අනිවර්ය කරන බවත් පදිකයන්ට අවහිරවන පදික වෙළඳුන් එම ස්ථානවලින් ඉවත් කිරීම අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම පදික වෙළදුන් සඳහා විකල්ප ස්ථාන ලබා දෙන බවත් බැතිමතුන්, ශික්ෂණ රෝහල හා අවට රජයේ කාර්යාල සඳහා ප්රවේශවන සේවාලාභීන්ට සිදුවන අවහිරතා සම්පූර්ණයෙන් ඉවත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදී සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර නියෝජ්‍ය පුරපති ජී.ජී.රුවන් කුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.
මොහොමඩ් ආශික්
