මහනුවර ඇසළ මංගල්‍යයට දින නියම වෙයි
හෙළයේ මහා කලා මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගෝස්තු මස 13 දින ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. කප් සිටුවීමෙන් පසු 13 දා සිට 17 දක්වා පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙයි.
මහනුවර ඇසළ මංගල්‍යය වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර 18 වීදී සංචාරය කරන බව දියවඩන නිලමේ පැවසිය.පස්වන කුඹල් පෙරහර 22 වැනි දින වීදී සැරීමෙන් පසු විචිත්‍රවත් රන්දෝලි පෙරහර ආරම්භ වන අතර
රන්දෝලි පෙරහර වීදි සංචාරයට කිරිම අගෝස්තු මස 23 දා සිට 27 දක්වා සිදුවෙයි.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 27 දින වීදී සංචාරය නිමාකර ගෙවැදීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව රජමහා විහාරස්ථානය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කරයි.
අනතුරුව සිව් මහා දේවල පෙරහර ගැටඹේ දියකපනා තොට වෙත ගමන් ගෙන 28 දින අලුයම් කාලයේ දිය කැපුම් මංගල්‍යය සිදු කරනු ලබයි.
එදින දහවල් දවල් පෙරහර වීදී සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව නිලංග දෑල මහතා කීය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
