මහනුවර ආපදා මරණ 240 යි, 75 ක් තවමත් අතුරුදහන්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය නිසා වැඩිම හානිය සිදුව ඇති මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට(11) ආපදා මරණ 240 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් අතුරුදහන් වීම් 75 ක් ලෙස වාර්තා වී ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කරන්නේ අද (11) වනදා දක්වා මහනුවර දිස්ත්‍රික්කය තුල පවුල් 54,988 කට අයත් පුද්ගලයින් 1,89,265 ක් පීඩාවට පත්ව ඇති බවයි.
මෙම පවල් අතරින් පවුල් 20,155 ක පුද්ගලයින් 70,282 ක් අවතැන් වී ඇති බවත් ඔවුන්ගෙන් පවුල් 6,097 ක පුද්ගලයින් 21,456 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 261 ක රඳවා ඇති බවත් නියෝජ්‍ය අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් පැවසීය. තවත් පවුල් 12,974 ක පුද්ගලයින් 45,732 ක පිරිසක් ඥාති නිවෙස්වල පදිංචිව සිටින බව්ත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2263 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 14,735 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඒ මහතා තව දුරටක් කිීය. ආපදාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ උපදෙස් මත ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රා දේශීය ලේකම් කාර්යාලවල සහායෙන් සිදු කරන බවත් රණවීර මහතා තව දුරටත් කීය'
මොහොමඩ් ආසික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

