මහනුවර අවදානම්සහගත ගොඩනැගිලි සොයන්න දස දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටුවක්
මහනුවර නගරසිමා බල ප්‍රදේශයේ ඇති අවදානම් සහිත ගොඩනැගිලි පරික්ෂා කර ඒවායේ තත්ත්වය හා අවදානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගැනීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින්දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කොට තිබේ .
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ සාකච්ඡාවක දී එම කමිටුව පත් කිරීමට යෝජනා විය .
මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්යක්ෂ (සැලසුම්ඩබ්ලිව්.එම්. ඒ.වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව හෙට (22) පෙරවරුවේ ප්‍රථමවරට රැස්වීමට නියමිතය .
පළාත් සභා ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව ,නාගරික සංවර්ධන අධිකාරිය ,මහනුවර මහ නගර සභාව ,භූ විද්‍යා හා පතල් කාර්යාංශය ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ,ජන ආයතනය නියෝජනය කරමින් දස දෙනෙකු විශේෂඥ කමිටුව නියෝජනය කිරීමට නියමිතය.
ෂේන් සෙනෙවිරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

