මහනුවර අධි ආරක්ෂිත කළාපයට ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ලබා ගත් බව කියන බංගලාදේශ ජාතිකයා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට 06 දා ඉදිරිපත් කළ අවස්ථාවේ දුමින්ද මුදුන්කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු රුපියල් ලක්ෂ 02 ක පුද්ගල ඇපයක් මත මුදා හරිනු ලැබිය.
43 හැවිරිදි සැකකරු හට යළි (08) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා ව නියෝග කළේය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි අවස්ථාවේදි මෙම පුද්ගලයා දාළදා මාලිගාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය (05) දින පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට රැගෙන ඇත. තමාගේ යූ ටියුබ් චැනලය සඳහා අදාළ දර්ශන ලබා ගත් බව සැකකරු පොලීසියට පවසා ඇත.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිාකරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉද්දමල්ගො මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.
චමිල් රූපසිංහ