මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරි වෙඩි තබා මරා දැමීම සදහා ඔත්තු බැලූ අයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් නමකින් කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ( Facial Recognition System ) මගින් හදුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 05/06 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු ඇල්පිටිය , කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කළක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර , එය හැර ගිය අයෙකි .
මොහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සදහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන තිබේ . (IJ)
ටී.කේ.ජී.කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
