රජය තම ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරතුරුවම රටේ ආරක්ෂාව සඳහා වෙන් කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන බැවින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද මහජන මුදලින් නඩත්තු වන සම්පත් සඳහා වගකීම ආරක්ෂක අංශ සතු බව බේ වගකීම බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජූලි 22) ප්‍රකාශ කළේය.
තම වෘත්තීය තුල වඩා ඉහළට ළඟා වන තරමට වඩාත් වගකීමෙන් කටයුතු කිරීමට සූදානම් විය යුතු බවද ඔහු පැවසීය.
ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවති නාවික හමුදා නව නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.
අධිකාරී ලත් නව නිලධාරීන් කණ්ඩායම ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 35 වැනි (තාක්ෂණික) බඳවා ගැනීමේ පාඨමාලාවේ මධ්‍ය නිලධාරීන් 11 දෙනෙකුගෙන් සහ 36 වන බඳවා ගැනීමේ පාඨමාලාවේ මධ්‍ය නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.
ඒ අනුව, 35 වන පාඨමාලාවේ හොඳම තාක්ෂණික නිලධාරියා ලෙස මධ්‍ය නිලධාරී එච්ඒඑස්වී හපුආරච්චි තේරී පත් විය.
මේ අතර පාඨමාලා අංක 36 හි අයිඑස් වීරසිංහ හොඳම මධ්‍ය නිලධාරී ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහුට හිමි විය. වෘත්තීය සහ සමස්ත විෂයයන් දෙකෙන්ම ඉහළම සමස්ථයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මධ්‍ය නිලධාරී එස්එන් අබේවර්ණ සම්මාන දෙකක් ලබා ගත්තේය. බඳවා ගැනීමේ දක්ෂතම වෙඩ්ක්කරුට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ආර්පීපීඑස් රාජපක්ෂ විසින් දිනා ගන්නා ලදී.
