ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක හා ඊට යාබද මුහුදු තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජුනි මස 20 දා නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (22දා) සිට ක්‍රියාත්මක වෙයි.
2019 වසරේ අප්‍රේල් 21දා පාස්කු දිනයේදී ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ත්රස්තප්රහාරයන් පසුව මෙසේ මහජන සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ අතර එය සෑම මසකම 22දා සිට බලපැවැත්වෙන අයුරින් මසක කාලයකට දීර්ඝ කරයි.