මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්ව තිබීම නිරීක්ෂණය වී ඇති බවත් එය යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපහැදිලිතාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ
උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 09දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
එම පැමිණිල්ලට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති බවත් මේ සම්බන්ධයෙන්
අමාත්‍යාංශ මට්ටමින්ද අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.