මස්කෙළිය නිදහස් පක්ෂ හිටපු සංවිධායක අල්ලස් දැලේ
අල්ලස් හෝ දුෂණ කොමිෂන් ඒකකයේ විමර්ෂණ නිළධාරින් විසින් (06) දින නෝර්වුඩ් අයර්බි ප්රදේශයේදි සැක පිට අත්අඩංගුවට ගත් තැරැව්කරුවෙකු (06) දින හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්රාත්වරයා නියෝග කලහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, නෝර්වුඩ් ගවරවිල අප්කට් සාමිමල ප්රදේශයේ පදිංචිව සිටි පෙරිසාමි ප්රදීපන් නැමති 43 හැවිරිදි අයෙකි.
සැකකරු නෝර්වුඩ් ප්රදේශයේ පදිංචිකාරියකට ඉඩමට ඔප්පුවක් සදා දෙන බව පවසා එම ඉඩම පිහිටි නෝර්වුඩ් වසම භාර ග්රාම සේවා නිළධාරිගෙන් වාර්ථාවක් ලබා ගැනීමට ග්රාම සේවා නිළධාරිවරයාට ලබා දීම සදහා රු.45000ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දුෂණ කොම්ෂන් සභාවේ නිළධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
නෝර්වුඩ් ප්රදේශයේ පදිංචිකාරිනියක් විසින් සැකකරු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙකු ලෙස පෙනී සිටිමින් තමා පදිංචි ඉඩමට ඔප්පුවක් හෝ බලපත්රයක් ලබා දෙන ලෙස පොරොන්දු වී වරින් වර රු.275000ක මුදලක් ලබා ගත් බවට එම පදිංචිකාරිණය විසින් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
රක්ෂිත බන්ධනාගාර ගත කල සැකකරු මස්කෙළිය ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙක් වශයෙන් සහ මස්කෙළිය ප්රාදේශීය සභාවේ උපසභාපතිවරයා වශයෙන්ද කටයුතු කල අයෙකි.
සැකකරු අත්අඩංගුවට ගැනිමෙන් පසු අල්ලස් හෝ දූෂණ විමර්ෂණ ඒකකයෙ නිළධාරින් විසින් නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්රාමසේවා නිළධාරි මහතා සහ පැමිණිලිකාරිය පදිංචි ඉඩමේ වසම භාර ග්රාමසේවා නිළධාරිවරයා සමග එම කාර්යාලය වෙත ගොස් ග්රාමසේවා කාර්යාලයද පරික්ෂා කර බලා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
