මසුන් ඇල්ලු විදේශිකයෙකු අත්අඩංගුවට
රූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (04දා) මෙමඅත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එහිදී ඔහු සතුව තිබූ ස්පියර් ගන් උපකරණය හා අල්ලන ලද මසුන් නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම විදේශිකයා අවුරුදු 53 ක පමණ වයසැති යුක්රේන් ජාතිකයෙකු බව තහවුරු කරගෙන ඇති අතර, අත්අඩංගුවට පත් විදේශීය ජාතිකයා, ස්පියර්ගන් උපකරණය සහ අල්ලන ලද මසුන් ඉදිරි කටයුතු සඳහා ගාල්ල, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.

-
chathuri Monday, 04 March 2019 09:14 PM
අපේ. රටේ. නායකයෙක් කියන. එකෙක්. මිනිමොරු අල්ලාගෙන. විත්. ඇති. කෙරුව. ඒවා. ගැන. හොයල. බැලුවද . හල්මස්සෝ. පස්සේ. යන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
