මසකට බිත්තර මිලියන 30ක් ආනයනය කරනවා
මසකට බිත්තර මිලියන 30 ක් ආනයනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බවත් රාජ්‍ය වාණිජ (විවිධ) නීති ගත සංස්ථාව හරහා එලෙස ගෙන්වන බිත්තර බේකරි නිශ්පාදකයන්ට හා හෝටල් සදහා පමණක් අලවි කරන බවත් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කදාන කපුවත්ත ප්‍රදේශයේ 31දා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් මෙරටට බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වරයා " අප පිටරටින් ගෙන්වන බිත්තර රට පුරා බෙදාහැරීමක් සිද්ධ කරන්නේ නෑ . සියළුම අනුමැතීන්ට යටත්ව කැබිනට් මණ්ඩලයේ එකගතාවය මත මෙම බිත්තර ගෙන්වීම සිදු කරනවා.
බිත්තර නිෂ්පාදකයා පාරිභේගිකයා සූරා කාපු බව මම කියන්න ඕනේ නෑ. ඒ බව පාරිභෝකයා දන්නවා. ඉතිහාසයේ කවරදාකවත් භාණ්ඩයක් ආනයනය කරන්න මෙතරම් දුක් විදලා නෑ. මම පාරිභෝගික ඇමති වරයා විදිහට පාරිභෝගිකයාට දරා ගත හැකි මුදලකට භාණ්ඩ ලබාදීමේ වගකීම ගන්නවා. ඒ නිසා මම බය නැතුව ඉදිරියටත් ඒ සදහා අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. ඉදිරියට පිටරටින් ගෙන්වන බිත්තර ප්‍රමාණය ගැන තීන්දු තීරණ ගන්න වෙන්නේ මෙරට බිත්තර නිශ්පාදකයින් වෙළද පොළට බිත්තර ලබා දෙන ප්‍රමාණය අනුවයි. බිත්තර සගවා ගන්නේ නැතිව ඔවුන් හරි වෙලාවට බිත්තර වෙළද පොළට හරි මිලට එවන්න ඕනේ.
අද සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කතා කරනවා. ඒත් හෝටලයක බිත්තරයක් නෑ. මේ වැඩේ මට තනියම කරන්න බෑ. ඒකට පාරිභෝගිකයිනුත් එකතූ විය යුතුයි. පාරිභෝගිකයාට දරා ගත හැකි මුදලකට භාණ්ඩ ලබාදීම ඉදිරියේදී සිදු කරනවා."

popular news
-
Dayan Sunday, 02 April 2023 09:48 AM
All are keen in importing. No one is interested to explore possibility in increasing egg production in the country. No reason but the commissions matters.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

