පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ අරමුණුවලින් බැහැරව එහි මුදල් යෙදවීම හේතුවෙන් එම අරමුදලේ මූලික කාර්යයන් සඳහා අරමුදල් නොමැති බව ජාතික උරුම, ප්රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් පසුගියදා ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක නායක මහතා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ දී අඅමාත්‍යවරයා විසින් මේ බව පැවසීය.
ජාතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීමේදී අදාළ නීතී, සියලු ජනවර්ග වෙත සමව ක්‍රියාත්මක නොවීම පිළිබඳ පළාත් කිහිපයක මහ ජනතාව එම කාර්ය සාධක බලකාය වෙත තොරතුරු ලබාදී ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
“එක රටක් එක නීතියක්” සංකල්පය යථාර්ථයක් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා තැබූ පියවරට ප්‍රණාමය පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා පුරා විද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවත් මෙම කටයුතු සඳහා යෙදවීමට වෙන් කර තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළ රුපියල් මිලියන 25,000 ක් පසුගිය රජයේ විෂයභාර අමාත්යකවරයා විසින් මූලික අරමුණින් බැහැරව යොදවා ඇති බව අනාවරණය කරන ලදී.